Colombo Today Local News

දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් මගින්ට දැඩි පීඩා.. දුම්රිය ගමන්වාර 200ක් අවලංගුයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංඛේත වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 200ක් අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසයි.

කාර්යාල දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සාමාන්‍යධිකාරීවරයා සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

ප්‍රධාන මර්ගය ඇතුළු දුම්රිය මාර්ගවල ධාවනය විශල ලෙස ප්‍රමාද වන අතර දුම්රිය ස්ථානවල මගින් විශාල පිරිසක් රැඳී සිටින බව ද වාර්තා වෙයි.

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාද වී දුම්රිය ධාවනය වුවත් දුම්රිය ගේට්ටු ක්‍රියාත්මක නොවීම නිසා අනාරෂිත තත්තවයක් හටගෙන ඇතැයි ද දැනගන්නට ඇත.

දුර ගමන් සේවා කලින් ආසන වෙන් කළ දුම්රියයන් නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම, දුම්රිය ධාවන කාර්‍යමණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම,රාජ්‍ය අමාත්‍යතුමා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම හදිසි වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

Related posts

රට පාවා දෙන්නන්ට එරෙහිව ජීවිතය ගියත් සටන් කරනවා – ජනපති

colombotoday

නානුඔය රිය අනතුරින් එකම පවුලේ පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු මරුට

Admin

“බුද්ධි අංශ ඝාතන සිදුකළා නම් වගකීම ෆොන්සේකාගේයි“ හිටපු බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ

colombotoday

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday

බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියාට වසර 39ක සිර දඬුවමක්

Admin

CID විමර්ෂණවලින් තවත් රහස් එළියට… බැදුම්කර බෑණා තවත් පුද්ගලයන්ට මිලියන ගණන් දුන් හැටි හෙළිවේ

colombotoday