Colombo Today Local News

නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක්

නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීමට චීන විශේෂඥයෙකු මෙරටට පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සභාපති එම්.එම්.සි. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කරන්නේ, අදාළ ජනන යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාවක් කඩිනමින් ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කරන බවයි.

ඒ සමග විදුලි සැපයුම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය බොහෝ දුරට නිරාකරණය වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.

මේ අතර නොරෝච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සැපයුම බාධාවකින් තොරව සම්පාදනය කිරිමට වැඩ පිළිවෙළක් සකස් කර තිබේ.

මෙම වසරේ මැයි මාසය දක්වා ගල්අඟුරු තොග ප්‍රමාණවත්ව ඇතැයි විදුලිබල මණ්ඩල සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

බඩගින්නට කදුළු බොන බෝගස්වැව සිංහලයන්ගේ කුසට ආහාරයක් ලබාදෙන්න ඔබටත් අවස්ථාව

colombotoday

අපරාධ කල්ලි සාමාජික ලසන්ත වික්‍රමසේකර ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

නැති බැරි මුස්ලිම්වරුන්ට ඥානසාර හිමි මෛත්‍රීය දක්වයි.

colombotoday

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

colombotoday

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday

විදුලි අර්බුදයට විසැඳුම් දෙන්න ජනාධිපතිගෙන් පොරොන්දුවක්

colombotoday