Colombo Today Local News

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

මෙම සහනය දෙනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් දෙන වන්දි මුදලට අමතරවයි.

පසුගිය මහ කන්නයේ දී චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.5ක් ලබා දුන් අතර කුඩා ප්‍රමාණයේ කුඹුරු වගා කරන ගොවීන් විශාල පිරිසක් තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට නොපැමිණීම නිසා ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිව තිබූ බව අමාත්‍යාංශය පවසයි.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

colombotoday

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්

Admin

සෞඛ්‍ය කාර්යමණ්ඩල කොවිඩ් වෛරසයට ගොදුරුවීමේ ප්‍රවණතාවයක්.

colombotoday

‘පෙරළිය‘ අද නුගේගොඩින් ඇරඹෙයි !

colombotoday

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday