Colombo Today Local News

‘පෙරළිය‘ අද නුගේගොඩින් ඇරඹෙයි !

රට බෙදන ව්‍යවස්‌ථාවට, මැතිවරණ කල් දැමීමට, ජීවන වියදම ඉහළ යැමට, රාජ්‍ය ආයතන විකිණීමට, හොරකමට එරෙහිව ඒකාබද්ධ විපක්‌ෂයේ “පෙරළියක ඇරඹුම” ජනරැළිය අද (27 දා) පස්‌වරු 2.30 ට නුගේගොඩදී පැවැත්වෙන අතර, ඊට ලක්‌ෂ සංඛ්‍යාත ජනකායක්‌ සහභාගි කරවීමට සංවිධායක මණ්‌ඩලය සැලසුම් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන හමුවට ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු පක්‌ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.

මේ අතර ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන පළාත් සභා මැති ඇමැතිවරුන්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු ග්‍රාම සේවා කොට්‌ඨාස 14000 ක්‌ නියෝජනය කරමින් විශාල පිරිසක්‌ රැස්‌ වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

Related posts

මැකො. සභාපති ඉවත් වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday

පන්සලේ රැස්වීමට මැතිවරණ කොමිසමෙන් උපදෙස් – ඥානසාර හිමි කන් ඇරෙන්න දෙසයි

colombotoday

මත්ද්‍රව්‍ය නඩුවකට හිටපු නාවික හමුදාපතිගෙන් සාක්ෂි විමසයි

colombotoday

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin

සාපරාධී අපහාසයක්, සශී වීරවංශගෙන් රන්ජන්ට නඩු…

colombotoday

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday