Colombo Today Local News

“බුද්ධි අංශ ඝාතන සිදුකළා නම් වගකීම ෆොන්සේකාගේයි“ හිටපු බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ

පසුගිය රජය සමයේ යුද හමුදා බුද්ධි අංශ විසින් ආරක්‌ෂිත නිවස්‌න සහ රහසිගත හමුදා කණ්‌ඩායම් පවත්වාගෙන ගියේ නම් ඒ පිළිබඳව එවකට හමුදාපතිවරයා සහ බුද්ධි අධ්‍යක්‍ෂවරයා අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු බව ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතාරණ මහතා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

මිනිස්‌ ඝාතන, පැහැර ගැනීම්, පහරදීම් සඳහා තමන් යටතේ සිටි බුද්ධි අංශ කල්ලියක්‌ යෙදවූ බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නඟන චෝදනා සියල්ල ප්‍රතික්‌ෂේප කරන බව ද කපිල හෙන්දාවිතාරණ මහතා මෙහිදී පවසා තිබේ.

කීත් නොයාර් මහතා පැහැරගෙන යැම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ පසුගිය කාලසීමාවේ දී රටේ සිදුවූ අභිරහස්‌ අපරාධ රැසක්‌ සිදු කළේ එවකට ජාතික බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ සිටි කල්ලියක්‌ විසින් බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස්‌ පොලිසිය හමුවේ ප්‍රකාශයක්‌ ලබාදී තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කපිල හෙන්දාවිතරණ මහතා රහස්‌ පොලිසිය හමුවේ පෙනී සිටි අවස්‌ථාවේ මේ බව කියා සිටියේය.

මෙම අපරාධ යුද හමුදා බුද්ධි අංශ විසින් කළ බවට චෝදනා එල්ල වන්නේ නම් එවකට හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව ද හෙන්දාවිතාරණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

– දිවයින

Related posts

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

‘‘දේවගැති ජෙරොම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්න එපා‘‘

Admin

2011 ක්‍රිකට් තරග පාවාදීම පැමිණිල්ලේ පරීක්‍ෂණ අවසන් පාවාදීමක් ගැන කරුණු අනාවරණයක් නෑ..

colombotoday

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

colombotoday

මැණික්හින්න පල්ලිය අසලදී වෙඩි වැදුණු තරුණයකු මහනුවර දැඩිසත්කාර ඒකකයට

colombotoday

කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

colombotoday