Colombo Today Local News

2011 ක්‍රිකට් තරග පාවාදීම පැමිණිල්ලේ පරීක්‍ෂණ අවසන් පාවාදීමක් ගැන කරුණු අනාවරණයක් නෑ..

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි.

“මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවනවා” යැයි ෆොන්සේකා මහතා පවසයි. සිය තීරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් ද පවසා සිටින්නේ,

“අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නෑ

අපි කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියලා. අනික මේක 2011 වසරේ සිද්ධියක්” බවයි.

Related posts

රුපියල් මිලියන 63 ක කේරල ගංජා තොගයක් වෙත්තලකේනි මුහුදු සීමාවේදී අල්ලයි

colombotoday

ආගමන විගමන නිලධාරීන් 450කට කොවිඩ් එන්නත

colombotoday

හිටපු ජනපති නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නිලදාරිනියක් හා සිරකාරියක් අත්අඩංගුවට

colombotoday

ඤාණසාර හිමිට මොකද වුණේ? – Colombo Today ‘රට යන අත‘ කථිකාචාර්ය දිලන්ත විතානගේ සමග…

colombotoday

උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් සම්බාධක.. නියෝග කඩකළොත් වසර 25කට හිරේ !

colombotoday