Colombo Today Local News

බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියාට වසර 39ක සිර දඬුවමක්

බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියෙකුට වසර 39ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 30,000ක දඩයක් හා රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු නියෝග කළේ ය.

මෙලෙස සිර දඬුවම් නියම වූයේ, තිස්සමහාරාම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකුට ය.

චූදිතයාගේ බිරිඳ මීට වසර 14කට පෙර එනම්, 2009 වසරේ අගෝස්තු මස 1 වන දින ඇති වූ හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් නේවාසික ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

එම අවස්ථාවේ ඇගේ වයස අවුරුදු දෙක හමාරක දරුවා රැක බලාගෙන ඇත්තේ, 12 හැවිරිදි ඇගේ නැගණිය යි.

බිරිඳ රෝහල්ගත කර දිනයේ සිට අදාළ පුද්ගලයා විසින් බිරිඳගේ නැගණිය අවස්ථා කිහිපයකදී ම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබ ඇත.

පසුව සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර කර තිබිණි.

පසුව ඔහුට එරෙහිව පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපතිවරයා විසින් 2013.02.15 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා 3ක් යටතේ නඩු පවරන ලදී.

ඒ අනුව, ඊයේ (18) සවස නඩුව විභාගයට ගත් මුල් අවස්ථාවේදී ම සැකකරු අදාළ චෝදනාව සඳහා වරද පිළිගෙන තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට එක් චෝදනාවකට වසර 13 බැගින් චෝදනා 3 සඳහා වසර 39ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත.

Related posts

චීන දුම්රිය ධාවනයෙන් රියදුරෝ ඉවත්වෙති.. ගමන්වාර 120ක් අවලංගුයි.. හෙට දුම්රිය වර්ජනයක් !

colombotoday

දළදා මාලිගය අසල පාර අරිනවාට මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම විරෝධය: නිළ වශයෙන් කියයි

colombotoday

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday

ජවිපෙ දැන් බෙදුම්වාදීන්ගේ හොර අඹුව වෙලා.. මැක්කා විසින් බලු වලිගය වනවන තැනට ඇවිත්

colombotoday

බඳින තුවක්කුවක් පත්තුවී අයෙක් මරු දකී

colombotoday

එජාප ප්‍රබල ඇමති දෙදෙනා දුම්බර රක්ෂිතයේ මහා ඉඩම් කොල්ලයක… එජාප මන්ත්‍රීනියක්ම හෙළිකරයි

colombotoday