Colombo Today Local News

මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව පියවර නොගත් නිලධාරියාට දඬුවම් මාරුවක්

ගම්පහ කලාපය භාර පරිසර නිලධාරිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නියෝග මත මෙම පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් මෙම පිවවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන් බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මුතුරාජවෙල තෙත්බිම පිරවීමට පස් අදිමින් සිටි වාහන තමන් සියැසින් දුටු බවත්, එකී පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ගම්පහ පරිසර නිලධාරිවරයාට දැන්වූ නමුත් ඔහු කිසිදු පියවරක් නොගත් බවත් අමරවීර මහතා කීය.

මෙවැනි අවස්ථා රාශියක් නිරික්ෂණය කළ බව කී අමාත්‍යවරයා එකී නිරික්ෂණ වලින් පසු මෙම පියවර ගත් බවද සඳහන් කලේය.

විශේෂයෙන් මුතුරාජවෙල සිදුව ඇති හානිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඔහුගෙන් ඉල්ලූ නමුත් මාසයකට වඩා ගතවී ඇතත් මේ වනතුරු එය ඉටුවී නැතැයි ද හෙතෙම කියා සිටියේය. මෙම නිලධාරියා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ඇති අතර වෙනත් නිලධාරියෙකු එහි යවන බව එම අධිකාරිය කියයි.

Related posts

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday

විදුලිය කැපෙද්දී ලාම්පුත් ගණන් උස්සයි

colombotoday

පෞද්ගලික දේවල් අදාල නෑ.. ජනපතිගේ සමනල් ප්‍රකාශයට හිටපු අගමැතිගෙන් පිළිතුරු

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

Admin

අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන අරඹන ලෙස ජනපති කර්මාන්තකරුවන්ට කියයි

colombotoday