Colombo Today Local News

අලුත් පොලිස්පති ‘පොලිස් දෙපාර්තමේන්තුව’ නැති කරයි.. අවසාන මාධ්‍ය සාකච්ඡාවත් තියයි

igp puujith

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනුවෙන් මින් ඉදිරියට පොලිසිය නොහඳුන්වන ලෙසද ‘ශ්‍රී ලංකා පොලිසිය’ යන නාමය භාවිතා කරන ලෙසද නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) ප්‍රකාශ කළේය.

පොලිස් මූලාස්ථානයේ දී වැඩ භාර ගනිමින් ඔහු පැවසූයේ තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි. මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය කිසිවිටකත් විසුරුවා හරින්නේ නැතැයි ද පොලිස්පති කීවේය.

රජයේ මුදල් හා දේපළ රැක ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තව දුරටත් ශක්තිමත් කරන බවත් රජයේ දේපළ කොල්ලකන අයට තමන්ගෙන් සමාවක් නොලැබෙන බවත් තමාට මෙම තනතුර ඔටුන්නක් නොවන බවත් තමා මේ තනතුරට පත් වූයේ වැඩ කිරීමට මිස සැප විඳීමට නෙවන බවත් පැවසූ ඒ මහතා තමාගේ රාජකාරියට දේශපාලනයක් නැති බවත් වැරදි කරුවන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් හේ පැවසීය.
මෙය තමන්ගේ මුල්ම හා අවසාන මාධ්‍ය සාකච්ඡාව බවත් ඔහු පැවසුවේය.

Related posts

ජනතාව ෆ්ලැට් වෙන්නම බදු ගසා රවී සුපිරි වාහනයක් ගෙනෙයි.. රජයට කෝටි 3ක බදු පාඩුවක් !

colombotoday

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

Admin

ජාතිවාදය උසීගන්වන්නන් අල්ලා අවුරුද්දක් සිරගත කරන්න ! – ජනපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday

රජයේ සහන ප්‍රමාණවත් නෑ.. දන්සැල්, මුදල් අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන්න

colombotoday