Colombo Today Local News

අපේ ඉල්ලීම්වලට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සාධාරණය ඉටු වෙනවා – සම්බන්ධන්

අපේ ඉල්ලීම් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් සාධාරණය ඉටු වි තිබෙන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පැවසු බව දමිළ මාධ්‍ය වාර්තා කරයි.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අවධානය යොමු ඇති බවද සම්බන්ධන් මහතා පැවසු බව අදාළ මාධ්‍ය වාර්තා කරයි.

උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට විසදුම් ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් ගැටළුවට විසදුම් ලබා ගැනීම,අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබා ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ආදි ගැටළු වෙනුවෙන් විසදුම් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අවස්ථාවක් උදාවි ඇති බවද සම්බන්ධන් මහතා එහිදි ප්‍රකාශ කොට තිබිණ.

සම්බන්ධන් මහතා එහිදි වැඩිදුරටත් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබා ගැනීමට හැකියාවක් නොමැති බව පෙනී යන බවයි.

ජනාධිපතිවරණය‍ වෙනුවෙන් එක්ව සිටින දෙමළ දේශපාලන පක්ෂ නායකයින් හෙට(03) වවුනියාවේදී රැස්වීමට නියමිත අතර, අදාළ පක්ෂවල තීරණය හෙට(03) ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

වවුනියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් හා තරුණයින් හමුවීමේ අවස්ථාවට අගමැතිවරයා සමඟ සහභාගි වු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ දෙමළ දේශපාලන පක්ෂවල හමුවක් හෙට(03) වවුනියාවේ පැවැත්වීමට නියමිත අතර, අදාළ හමුවෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා වෙත සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට නියමිත බවයි.

වවුනියාව – මාධව කුලසූරිය

Related posts

කිසිදු අවස්ථාවක ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබදව ජනාධිපති ආරක්ෂක අංශය දැනුවත් කර නොමැති බව හෙළිවේ

colombotoday

දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ.

colombotoday

පැනමා පේපර්, ලංකාවේදී පත්තුවෙයි.. විද්‍යා අමරපාල මෙගා පොලීසියෙන් ඉවතට.. ඇමති චම්පික FCIDයට !

colombotoday

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් – ජනාධිපති

colombotoday

පළමු පිම්ම හකීම්ගෙන්… හතක් සමග අලුත් ආණ්ඩුවට එක්වෙයි….

colombotoday

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මි. 28 ක ඖෂධ හා ශල්‍ය උපකරණ

colombotoday