Colombo Today Local News

හය හැවිරිදි දරුවා තේ දළු ලොරියකට බිලි

පැලවත්ත නෙළුව මාර්ගයේදී තේ දලු රැගෙන ගිය ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසකට පෙරලී සිදුවූ අනතුරකින් අවුරුදු හයක කුඩා දරුවෙකු මියගොස් ඇතැයි තිනියාවල පොලීසිය පවසයි.

රියදුරු සහ ගෝලයා තුවාල ලබා ඇති අතර මියගොස් ඇත්තේ යට්ටපාන 9 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටී අදිත්‍ය පුන්සර නම්වූ දරුවෙකි.

ලොරි රථය පැලවත්ත සිට තිනියාවල දිසාවට ගමන් කිරීමේ දී යට්ටපාත 09 කණුව ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත.

තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ ගෝලයාද මීගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, තිනියාවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිළ ඉහළට…

colombotoday

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ

Admin

අස්වැසුම ගන්න පෝලිමක සිටි අයෙක් ඇද වැටී මිය යයි

Admin

ශීත කළ පොල් මද ආනයනයට අවසර

colombotoday

නැගෙනහිර මුහුදෙන් සර්පයන් ගොඩගැසීමට හේතුව “නාරා” කියයි !

colombotoday

“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති

colombotoday