Colombo Today Local News

ශීත කළ පොල් මද ආනයනයට අවසර

ශීත කළ සුදු පොල් මද ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.

පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පී. එදිරිමාන්න මහතා සඳහන් කළේ, දිවයිනේ පවතින පොල් හිඟය හේතුවෙන් ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු අවම කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවය.

ඉන්දියාව, පිලිපීනය හා වියට්නාමය යන රටවලින් එම ශීත කළ සුදු පොල් මද ආනයනය කරන බව ඔහු සඳහන් කළේ ය.

පසුගිය වසරේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව අඩුවීමත් සමග මේ වනවිට රට තුළ පොල් හිඟයක් මතු වී තිබේ.

ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 70 සිට 100 දක්වා ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ වාර්තා පවසයි.

Related posts

වෙළඳ සංගම් නියෝජිතයින් සහ අධිකරණ ඇමති අතර හමුවක්

colombotoday

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

Video: මස්සැන්නේ විජිත හිමි පැහැරගැනීමට උත්සාහ ගත් නාරං සම්පත් සොයා සිදුවූ මෙහෙයුම

colombotoday

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday

කහතුඩුවේ පෙම් සබඳතාවක් නිසා තරුණයින් දෙදෙනෙක් අතර ගැටුමක්

Admin

පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරනවා, බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා – එජාපය කියයි

colombotoday