Covid 19

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ 7කට කොවිඩ්

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් පුද්ගලයින් 7 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පෑලියගොඩ නගර සීමාව භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එච්.ජී චින්තක මහතා සඳහන් කළේ, පසුගිය 30 වන දින සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවය.

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ වෙළෙඳසැල්හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් 112 දෙනෙකු එහිදී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර තිබේ.

හඳුනාගත් ආසාදිතයින් රෝහල් වෙත ගෙන යාමට අද (02) දිනය තුළ කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එච්.ජී චින්තක මහතා සඳහන් කළේය.

Related posts

මැල්සිරිපුර, ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දමයි.

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

කොරෝනා තවත් දරුණු වෙයි. | අද හඳුනාගත් ආසාදිතයින් ගණන 2,659ක් දක්වා ඉහලට

colombotoday

නිරෝධායන නීති කැඩූ එකම පවුලේ 10 කට කොරෝනා

colombotoday

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුට කොරෝනා

colombotoday