Covid 19

මැල්සිරිපුර, ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දමයි.

කොරෝනා ආසාදනය වූ එළවළු ව්‍යාපාරිකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වීම හේතුවෙන් අද (24) පැවැත්වවෙමින් තිබූ ඉබ්බාගමුව සති පොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව ඉරිදා දිනයේ පැවැත්වෙන මැල්සිරිපුර සති පොළද වසා දැමීමට නියම කළ බවද ඒ මහතා පැවසීය.

මැල්සිරිපුර දිද්දෙණිය පදිංචිකරුවකු වන එළවළු ව්‍යාපාරිකයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු රැගෙන විත් ඉබ්බාගමුව සහ මැල්සිරිපුර සති පොළවල අලෙව් කරන්නෙකු වන අතර දඹුල්ලේදී කරන ලද පීසීආර් පරීක්ෂණයකදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) තහවුරු වී තිබේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අද දින පැවැත්වෙමින් තිබූ ඉබ්බාගමුව පොළ දහවල් කාලයේදීම වසා දැමීමට පියවර ගත් බවද සභාපතිවරයා පැවසීය.

 වයිරසය ආසාදිත වීම හේතුවෙන් එම ව්‍යාපාරික ඉබ්බාගමුව පොළට වෙළඳාම සඳහා පැමිණ නොතිබූ බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Related posts

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday

සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් දිවයිනට

colombotoday

95,550කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්

colombotoday

තහවුරු වූ තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

ප්‍රභූ ආරක්ෂකයන් 44 කටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday