Colombo Today Local News

හෝමාගම කර්මාන්ත ශාලාවකින් අමුතු දුමක්…. අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්

හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සුදු පාටට හුරු දුමාරයක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ වනවිට පවතින මීදුම් සහිත තත්ත්වයට ක්ලෝරීන් එකතුවීමක් සිදුව ඇති බව හෝමාගම පොලීසිය සඳහන් කරයි.

හිරු එළිය නිසි ලෙස පතිත වන්නේ නම් මෙම තත්ත්වය මඟ හැරී යන බවත්, එසේ සිදුවන තෙක් පවතින දුම සහිත ස්වභාවය හේතුවෙන් කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින් සියලුදෙනා මුඛ ආවරණ නිසි ලෙස පැලඳ කටයුතු කරන ලෙසත් පොලීසිය ඉල්ලීමක් කරයි.

එමෙන්ම යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙස ද පොලීසිය දැනුම්දෙයි.

පසුගිය අගෝස්තු මස 17 වන දින රාත්‍රියේ ද මෙම රසායනික කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගෙන තිබිණි.

Related posts

කැබිනට් ඇමති ධුරයක් නැතැයි සම සමාජයෙන් විරෝධය

colombotoday

අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප.. උසාවි ගිහින් ඇවිත් කීව කතාව මෙන්න (Video)

colombotoday

“මා දමිළයෙකු යන අහංකාරය මට තියනවා..” – ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන්

colombotoday

ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

Admin

දිවයින පුරා නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල

colombotoday

බොදු බල සේනා ප්‍රධානීන්ට, ක්‍රියාකාරීන්ට මරණ තර්ජණ – පාර්ශව කිහිපයකින් අනතුරු ඇගවීම් !!

colombotoday