Colombo Today Local News

“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති

ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමේදී මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෙසු ඇමතිවරුන් කතාබහක නියැළී සිටියදී සාගල රත්නායක මහතා වෙනත් කටයුත්තක් සඳහා එතැනින් ඉවත්ව යාමට සූදානම් වෙද්දී ජනාධිපතිවරයා ඔහුව වළක්වා තිබුණේ “නෑ සාගල. ඔයා පොඩ්ඩක් ඉන්න. මේක ඔයාත් දැනගන්න ඕනෙ කතාවක්” යැයි කියමිනි.

සාගල රත්නායක මහතා නැවත අසුන් ගනිද්දී අනෙකුත් අමාත්‍යවරුන් මුහුණින් මුහුණ බලන්නට වූයේ ජනාධිපතිවරයා කියන්නට යන්නේ කුමක් ගැනදැයි සිතාගත නොහැකි වූ නිසාය.

“අර විහාරමහා දේවි එක ගාව පාර වහගෙන ඉඳලා මිනිස්සු හෝන් ගහපු එක ගැනයි මම මේ කියන්න ගත්තේ” කියමින් ජනාධිපතිවරයා සිද්ධිය විස්තර කරද්දී එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ඊට පිළිතුරු දෙමින් පවසා තිබුණේ “අපි හිතුවෙත් ඔබතුමා එනකල් වෙන්න ඇති පාර වහගෙන ඉන්න ඇත්තේ කියලා. මිනිස්සු ඔබතුමාට තමයි බැන්නේ” යනුවෙනි.

ජනාධිපතිවරයා තරමක් බැරෑරුම් අන්දමින් එහිදී පවසා තිබුණේ “මේ දවස්වල ඉතිං හැම එකටම මමනෙ අහුවෙන්නෙ. හැමෝම මට තමයි බනින්නෙ. ඒකනෙ තියෙන ලේසිම වැඩේ.” යනුවෙනි.

එම පිළිතුරෙන් අන්දමන්ද වූ ඇමතිවරුන් “ඔබතුමා නෙවෙයි නම් එහෙම පාරවල් වහන් යන්න තරම් මේකෙ ඉන්න හයිරංකාරයා කවුද ?” යනුවෙන් විමසා තිබුණු අතර ජනාධිපතිවරයා පිළිතුරු දී තිබුණේ “නෑ, මේ මගේ රාජ්‍ය ඇමතිතුමා තමයි ඉතිං. මාත් හොයාලා බලපුවාම තමයි දැනගන්න ලැබුණේ” ලෙසය.

ඒ අනුව මාර්ග වසාගෙන ජනතාව අපහසුතාවට පත් කරමින් ගමන් කර ඇත්තේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනය !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සියල්ල අසාගෙන කිසිත් නොකියා බිම බලාගෙන සිටි බවත් ආරංචිය.

ඇමති රුවන්ගේ රථගාය පිළිබඳ අප ප්‍රශ්න කළේ පසුගිය 15 වනදා ඔහු සිදුකළ මිනුවන්ගොඩ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුවය. එදා ගමන්ගත් සම්පූර්ණ ආරක්ෂක රථ පෙරහැරම තමන්ට අයත් ඒවා නොවන බවත් තමන්ට ලැබී ඇත්තේ පසුගමන් රථ දෙකක් පමණක් බවත් සඳහන් කරමින් රුවන් විජේවර්ධන මහතා 17 වනදා ඊට ප්‍රතිචාර දක්වා තිබුණු අතර අපි එම සම්පූර්ණ ලිපිය ද පළ කළෙමු.

එහෙත් යළි 20 වනදා වනවිට රුවන් විජේවර්ධන මහතා රථ පෙළපාලි වෙනුවට කාර්යබහුල මංසන්ධියක්ම අවහිර කරවා තබාගෙන ජනතාව රස්තියාදු කරවමින් පීඩාවට පත්කර ඇති බව කියන්නේ රටේ ඉහළම බලධාරියා වන ජනාධිපතිවරයාය.

පිළිතුරු දීම නොදීම කෙසේවෙතත් අප මීට පෙර වතාවේදීත් සඳහන් කළ පරිදි මෙවන් වැඩ වලින් සිදුවන්නේ ආණ්ඩුව තව තවත් ජනතාව අතර අප්‍රසාදයට, පිළිකුලට ලක්වීම බව ඇමතිවරයා තේරුම් ගන්නේ නම් එය ආණ්ඩුවට හොඳය.

lankanewsweb.net

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

colombotoday

සිසුන් 27,603කට මෙවර සරසවි වරම්.. කඩයිම් ලකුණු මෙන්න

colombotoday

ඇවන්ගාඩ් ව්‍යාපාරය නාවික හමුදාවෙන් විදේශීය සමාගම් අතට.. රණවිරුවන් මහපාරට – ඒ ගැන සේනාධිපති කියන කතාව

colombotoday

කොවිඩ් නිව්මොනියාවෙන් කල්මුනේ රෝහලේ වෛද්‍යවරියකගේ මව මියයයි. වංගුවක් ගසා භුමිදානයට අර අඳියි. මිනිය දින 4ක් මෝචරියේ.

colombotoday

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

colombotoday

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

colombotoday