Colombo Today Local News

ආණ්ඩුවේ සිටින ඇතමුන් අගේ ඉදන් කන කනවා, ඩිලානුත් එහෙමයි – පාලිත රංගේ බණ්ඩාර

සිහින ආණ්ඩුවක ඇමතිකම් ගැනීමට සිහින දකින පුද්ගලයින්ද සිටින බවත් එම සිහින කිසිදාක සැබෑ නොවන සිහින බව ඔවුන් නොදන්නා බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සැබෑ නොවන එම සිහිනය දැක ප්‍රියංකර ජයරත්න මහතා ද අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි. 55 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ආණ්ඩු පෙරලියක් පිළිබඳ කතා කරන්නේ ජනතාව මුලා කොට ආණ්ඩුව අඩපණ කිරිමේ චේතනාවෙන් වුවද ඊට කිසිදු ඉඩක් නොලැබෙන බවයි ඔහු අවධාරණය කර සිටියේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවන පදවිප්‍රාප්තිය වෙනුවෙන් පසුගිය දා ආණමඩුව එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පැවති උත්සවයකදී පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය. අඩු ආදායම්ලාභී පවුල් ඒකක 350ක් වෙත නිවාස ආධාර ලබා දීමත්, සිමෙන්ති ප්‍රදානය කිරිමත්, මෙහිදී සිදුවිය. පුත්තලම, ආණමඩුව හා හලාවත යන මැතිවරණ කොට්ඨාස වල පවුල් 944කට මේ වන විටත් නිවාස ඉදිකර ගැනීම සඳහා ආධාර ලබා දී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ තමන්ට සිදුව ඇති අසාධාරණයක් පිළිබඳ කළ හෙලිදරව් කිරිම් සහ පැහැදිලි කිරිම් ඇතමුන් වැරදි ලෙස අර්ථකථනය කරන බවයි. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩකටයුතු සිදුකිරිමේදී ඇති වී තිබෙන බාධාකාරී තත්වයන් පිළිබඳ තමන් පාර්ලිමේන්තුවේදී ද හෙලිදරව් කළ බවත්, එය රජයට එරෙහිව සිදු කළ ප්‍රකාශයක් නොවන බවත් ඔහු පැවසීය. පුත්තලමේ සාගර විශ්වවිද්‍යාලයක් ඉදි කිරිමට තමන් සැලසුම් කළ බවත් කැබිනට් අමාත්‍යවරයාගෙන් ඊට සහයෝගය නොලැබුණු බවත් පෙන්වාදෙන පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට සාගර විද්‍යාව හැදෑරිය හැකි විද්‍යාලයක් පුත්තලමේ නිර්මාණය වී තිබෙන බවයි. එසේ වූයේ නම් රුපියල් ලක්ෂ 2 ක මාසික වැටුපක් ලැබෙන වෘත්තීන් තරුණ පරපුරට උරුම කර දීමට අවස්ථාව සැලසෙන බවද ඔහු පැවසීය. හෝටල් පාසලක් ඉදිකිරිමේ සැලසුමටද එම ඉරණමම අත්වූ බව ද ඔහු ප්‍රකාශ කළේය. මෙම අසාධාරණය පිලිබඳව තමන් දැඩිව හා විවෘතව අදහස් පලකළ බවත් බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ යන වදන් පෙළ ප්‍රකාශ කිරිමට  තමන්ට සිදුවූ බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

පුත්තලම,ආණමඩුව,හලාවත යන මැතිවරණ කොට්ඨාශ වල ජනතාවට නිවාස ඉදිකර දීම කෙසේ වෙතත් නිවසක් පිළිසකර කර ගැනීමට හෝ සිමෙන්ති මිටියක්වත් පසුගිය ආණ්ඩුවෙන් ලැබුණෙ නෑ. පුත්තලමේ නව ගම්මාන නිර්මාණය වුනේ නෑ. එහෙත් එම තත්වය අද වෙනස්වෙලා තියෙනවා.අද පුත්තලමේ ජනතාවටත් සහන සැලසෙන රජයක් නිර්මාණය වෙලා තියෙනවා. නව ගම්මාන රැසක් මේ වන විට නිර්මාණය කර ඇති අතර ඉදිරි මාස කීපය තුළ තවත් ගම්මාන 4ක් නිර්මාණය කිරිමට නියමිතයි.

රතුපස්වල ජනතාව වතුර ඉල්ලුවාම උන්ඩයෙන් පිලිතුරු දුන් අය තමයි අද වෙනස සැපද කියල අහන්නේ. අර්ථසාධකය රැකගන්න පාරට බැස්ස පිරිසට වෙඩි තියපු, රොෂේන් චානක මරාදාපු අයට මෙහෙම අහන්න අයිතියක් තියෙනවද. අද වෙඩි තියන්නේ නෑ, සුදුවෑන් පැහැරගැනීම්  නෑ. ගිනිතැබීම් හෝ තර්ජනය කිරිම් සිදුවන්නෙත් නෑ. මාධ්‍ය මර්ධනයකුත් නෑ. එහෙම පරිසරයක තමයි ඒකාබද්ධ විපක්ෂය වෙනස සැපද කියල අහන්නේ. නිදහස තහවුරු වෙලා තිබෙන, අධ්‍යාපනය නගා සිටුවන්න කටයුතු කරන කාලසීමාවක් දැන් උරුම වෙලා තියෙනවා. සංවර්ධන ව්‍යාපෘති සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වනවා. අවු.19ක් රට පාලනය කරපු අය වෙනස සැපද කියල අහද්දි අපි කියන්නේ අවුරුදු දෙකට කළ දේ මදිද කියලයි.

” අගේ ඉදන් කන කන අයත් මේ ආණ්ඩුවේ ඉන්නවා. ඩිලාන් පෙරේරා වැනි අමාත්‍යවරු කරන ප්‍රකාශ වලින් ඒ බව පැහැදිලි වනවා. ආණ්ඩුවේ ඉදන්ම ඒ අය ආණ්ඩුවට බනිනවා. මෙහෙම දේවලුත් පේන්න තිබෙනවා. ඒත් අපි කලබල වෙන්නේ නැහැ. ඒ අයටත් නිදහසේ කටයුතු කරන්න පුලුවන්.  ” 

Related posts

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට එන්නත්කරණ වැඩසටහනක් ආරඹා විභාග පැවැත්විය යුතුයි – රවී කුමුදේශ්

colombotoday

යහපාලන ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු.. අවි ගණුදෙණු චෝදනාවට උදයංග වීරතුංගගෙන් පිළිතුරු

colombotoday

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday

අයි.ඕ.සී. න් ඩීසල් ටොන් 6000 ක්

colombotoday

ගංගා රැසක් පිටාර මට්ටමේ.. දිස්ත්‍රික්ක 8ක යාමේ අවදානමක්

colombotoday

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday