Colombo Today Local News

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

වන රක්ෂිත කලාප විනාශ කරන පුද්ගලයන් සහ වන සතුන් දඩයම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්ක කිරීම සඳහා දිගු දුර විහිදුම් බළකායක් ස්ථාපිත කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත. වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරින් හා විශේෂ කාර්ය බළකාය සම්බන්ධ කරගනිමින් මෙම බළකාය පිහිටු වේ.

මෙම කටයුත්ත සඳහා පොලිස්පතිවරයාද එකඟ වූ බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

කැලෑ කැපීම, වන සතුන් දඩයම මෙන්ම රක්ෂිත භූමි අනවසරයෙන් අත්පත්කර ගැනීම නතර කිරීම සඳහා ගන්නා ඉදිරි පියවර පිළිබඳ වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක, ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ගංජා ආදී නීති විරෝධී වගාබිම් වටලා එම වගා විනාශ කිරීමෙන් පසු එම භූමිවල වන සතුන් සඳහා භෝග වගා කිරීමටද මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇති අතර එම කටයුතු සඳහා ගුවන් හමුදාවේ සහ​යෝගය ලබා ගැනීමටද තීරණය වී තිබේ.

වන අපරාධ අවම කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම වනජීවී හා වන සංරක්ෂණ කමිටුවක් පිහිටුවීමටද නියමිතය.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට වැසෙයි.

colombotoday

සමුපකාර ගම්මානයකට මි.775ක් | රිෂාඩ්ගේ කාලේ තවත් වංචාවක්. විමර්ශන සී.අයි.ඩීයට.| අන්තවාදීන් පුහුණු කළාදැයි සැක.

colombotoday

වව්නියාව මණ්ඩපය දින නියමයක් නැතිව වසා දැමේ… සිංහල සිසුන් ආරක්ෂාව ඉල්ලයි

colombotoday

කෝච්චි නෑ.. සාමාන්‍ය පෙළ සිසුන්, රාජ්‍ය-පෞද්ගලික සේවකයන් අනාථයි !

colombotoday

කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්.. නොමිළේ කියූ ඉන්දීය ගිලන්රථ සේවයටත් කෝටි 11ක් ඉල්ලයි

colombotoday

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය – මුසම්මිල්

colombotoday