Colombo Today Local News

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය – මුසම්මිල්

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අතරින් දෙදෙනකු දින 15ක් ගත වීමටත් මත්තෙන් යළි දිවුරුම් දී ඇති බවත් මේ පිරිස රඟ දක්වමින් සිටින්නේ ‘ත්‍රස්තවාදයට අනුබල දීමේ බරපතළ චෝදනා ඇති‘ රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා බේරා ගැනීමේ නාටකයක් යැයි මෙමඟින් තවදුරටත් තහවුරු වූ බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (20) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා ,

“කබීර් හෂිම් හා ඒ. එච්. එම්. හලීම් යන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනා මෙසේ යළි දිවුරුම් දුන්නා සේම මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් ඇතුළු එම පක්‍ෂයේ හිටපු ඇමතිවරුන් ද රිෂාඞ් බදියුදීන් මහතාගේ පක්‍ෂයේ හිටපු ඇමතිවරුන් ද තම පක්‍ෂවල ‘තීන්දු’ අනුව ඉදිරි දිනවල යළි ඇමති ධුරයන්හි දිවුරුම් දීම ඉහත නාටකයේ ඉදිරි ජවනිකා විය හැකි බව ද මොහොමඞ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දින 30ක කාලයෙන් අනතුරුව ‘අපි ඉල්ලා අස්වෙලා සාධාරණ පරීක්‍ෂණයක් කරන තුරු බලා සිටියා. කෝ අපට විරුද්ධ චෝදනා, කෝ අපට නඩු පැවරුවාද?’ යනුවෙන් පවසමින් රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා ද ඇමති ධුරයේ දිවුරුම් දීම මෙම නාටකයේ අවසන් ජවනිකාව විය හැකි බව ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.

රිෂාඞ් බදියුදීන්ලාට එසේ සලකන මෙම ආණ්ඩුව , පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් වූ මියගිය 300කට අධික පිරිසකටත් තුවාල ලැබූ 500කට අධික පිරිසට හා ඔවුන්ගේ ඥාතීන්ටත් ගෙවී ගිය දෙමස තුළ කිසිදු ආකාරයකින් යුක්තිය ඉටු නොකළ බවට ද මොහොමඞ් මුසම්මිල් මහතා චෝදනා කළේය.

එසේම මහනුවර දිස්ත්‍රික්කය තුළ පමණක් අන්තවාදී පල්ලි 40ක් ඉදි කිරීමට අවසරය ලබා දුන් හලීම් වැනි අයකුට යළිත් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය භාර දීම ‘නරියාට කුකුළන් භාරදීමක්’ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඞ් මුසම්මිල් මහතා සමස්ත ලංකා ජමියීයතුල් උලමා සංවිධානය හෙවත් මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය දෝෂ දර්ශනයට ලක් කළේය. එම සංවිධානය මෙරට ජීවත් වන සම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව තලේබානුකරණයට ලක් කිරීමට පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළ බවට සාක්‍ෂි තමන් සතුව පවතින බව ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මද්‍රසා සහ අරාබි පාසල් රටේ අධ්‍යාපන පද්ධතියට පිටින් පවතින බවට හා නියාමනයක් නොමැති බවට එල්ල වී ඇති විවේචන සහ මෙම පාසල්වල ඉගැන්වීමට විදේශීය රටවල්වලින් පැමිණෙන ආගමික අන්තවාදී දේශකයන් විසින් මුස්ලිම් දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළු කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බලා සත්‍ය රට හමුවේ තැබීමේ වගකීම පැවරී ඇති උලමාවරුන් එම වගකීම පැහැර හැර ඇති බව ද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

පළමු වටයේ කොරෝනා මර්ධනය කලේ නෑ යට ගහලා ඡන්දය දිනුවා.. රට ඇතුලේ වෛරසය දැන් මතුවෙලා

colombotoday

වෙන්නප්පුවේදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ඉදිරි පැය 30 තුළ සුළි කුණාටු තත්වයක් ඇති වීමේ අවදානමක්

colombotoday

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

Admin

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin

රණවිරු පවුල්වලට කිසිවක් ලැබී නෑ – “ඒකාබද්ධ විපක්‍ෂයේ වැටුප රණවිරුවන්ට” මාධ්‍ය සංදර්ශනයක්ම පමණද?

colombotoday