Colombo Today Local News

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

sliit_mlb_1-lankatruth

SLIIT ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යනු රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට වරම් නොලැබුණු දහස් ගණනක් වෘත්තීය විශිෂ්ඨයන් ලෙස රටට බිහිකළ ආයතනයකි. මහපොළ අරමුදල මගින් ලලිත් ඇතුලත්මුදලි  මහතා විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් වෙන්කර තිබූ ඉඩමක ඇරඹි SLIIT ආයතනය මුලින් මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් ‍වශයෙන් පැවතුන අතර සිසු විරෝධතා සහ දැඩි ඉල්ලීම් මත පසුව රාජ්‍ය අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක කෙරුණු බව colombotoday.com වෙත ලැබුණු තොරතුරුවල සදහන් වෙනවා.

මේ වන විට එම ආයතනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස්ලි ටි වික්‍රමරත්න මහතාගේ බෑනා වන මහාචාර්ය ලලිත් ගමගේ මහතා සහ තවත් කිහිපදෙනකුට සම්බන්ධ සමාගමක් විසින් මිලදීගෙන ඇත.

SLIIT යනු සමාගමක්ද? එහි හිමිකරුවන් කවුරුන්ද? මෙම සමාගම රජයට අයිතිද? මෙම සමාගමේ කොටස් කරුවන් කවුරුන්ද? ඔවුන්ට හිමි කොටස් වටිනාකම් කොපමණද? මෙම සමගම යම් අමාත්‍යාංශයකට අයිතිද? මෙම සමගම යම් අමාත්‍යාංශයක් යටතේ ගැසට් කර ඇත්නම් එහි තේරුමක් තිබේද? රජයේ කිර්තිනාමය, රජයේ දේපල, සහ ප්‍රතිපාදන යොදාගන ආරම්භ කල මෙම ආයතනය පුද්ගලික සමාගමකට හෝ පුද්ගලයන් අතට පත් කිරීම සදහා ඇති නීතිමය ප්‍රතිපාදන මොනවද? යන්න යහපාලන රජය විසින් වහාම ජනතාවට පැහැදිළි කළ යුතුය.

නව රජයේ පත්වීමත් සමගම අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන වන කේසරලාල් ගුණසේකර මහතා, මෙරට පාසල් විෂය මාලාව සදහා තොරතුරු තාක්ෂණ විෂය හදුන්වාදීමේ පුරෝගාමියා වන ආචාර්ය දිලන්ත විතානගේ මහතා සහ රංජිත් තේනුවර මහතා යන තිදෙනා පසුගිය ජූනි මාසයේදී එහි අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරණි.

රොහාන් ධර්මකීර්ති

Related posts

කෙසෙල්වත්තේ දිනුකගේයැයි සැක මළ සිරුරක් කටුනායකට

colombotoday

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ OPD වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

Admin

දිවයිනේ ඕනෑම තැනක ඉන්න කාන්තාවකට ගාස්තු රහිත දුරකතන සේවාවක්

colombotoday

ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරිනි අමරසූරියට

colombotoday