Colombo Today Local News

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට එන්නත්කරණ වැඩසටහනක් ආරඹා විභාග පැවැත්විය යුතුයි – රවී කුමුදේශ්

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර පසුව ඔවුන්ට අදාළ විභාග පැවැත්වීමට පියවර ගතයුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ වෙනත් රටවල් ගණනාවක ප්‍රධාන විභාග පැවැත්වීම වෙනුවෙන් සිසුන් එන්නත්කරණයට ලක්කිරීමේ ක්‍රමවේදයන් මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.

“අපි සැලසුම් කරනවා නම් තව මාස 6කින්වත් මේ අවසාන කඩයිම් විභාග ටික තියන්න. මේ වෙලාවේ අපි කරන්න අවශ්‍ය උසස් පෙළ, සමාන්‍ය පෙළ සහ විශ්වවිද්‍යාල අවසන් වසරේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටවත් ෆයිසර් වැනි එන්නතක් ලබාදෙන එක. බොහො රටවල අද වෙනකොට පාසල් සුරක්ෂිත කරගනිමින් අධ්‍යාපනය ලබා දෙනවා. එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය ඉතා විදිමත්ව ලබා දෙනවා. අපේ රටේ දෙකම කරන්නේ නෑ හරි විදියට. එක නිසා පාසල් ආරම්භ කරන එක අදටත් විවාදාත්මක මට්ටමක තියෙන්නේ.”

කෙසේ වුවද කිසිදු කටයුත්තක් සඳහා පාසල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් තවදුරටත් නිර්මාණය වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

“සුදුසු වාතාවරණයක් තියෙනවා නම් කොළ එළිය පත්තු කරන්න පුළුවන්. අපි දන්නවා මේ මොහොතේ පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නැහැ කියලා. අධ්‍යාපන බලධාරින්ගේ වගකීමක් ඒ සුදුසු වාතාවරණය සකස්කරලා, ඒ වාතාවරණය තිබෙන බවට අපිට පෙන්නුම් කළොත් අපි කොළ එළිය පෙන්නුම් කරන එක ගැටළුවක් නෑ. සෞඛ්‍ය අංශයට ඒ වාතාවරණය සකස් කිරීමට පුළුවන් කමක් නෑ. අපේ පරමාර්ථය වන්නේ රෝගීන් අඩු කිරීම. පාසල් ළමුන් අතර රෝගය පැතිරීම අවම කිරීමටත් පාසල් ළමුන් හරහා නිවෙස්වල සිටින අයට රෝගය පැතිරීම වැළැක්වීමටත් සුදුසු වාතාවරණයක් රටේ ගොඩනගන්න අවශ්‍යයි.”

Related posts

පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ තරුණයින් දෙදෙනෙක් මාට්ටු

Admin

නඩත්තු කටයුතු ප්‍රමාද කර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා – නොයෙල් ප්‍රියන්ත

Admin

ඥාණසාර හිමියන්ට ලබා දුන් දඩුවම ගැන එක්නැළිගොඩ බිරිඳ සතුට පළකරයි

colombotoday

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් රුපියල් මිලියන 700ක ප්‍රදානයක්

colombotoday

කටාර් සිට සේවය නිම කර ආ කතක් ගුවන් යානය තුළම මිය ගිහින්

Admin

“රාජපක්ෂලා ඩුබායි බැංකුවක හංගපු ඩොලර් බිලියන 1.4ක් හොයාගත්තා” – ඇමති රාජිත

colombotoday