Colombo Today Local News

පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ තරුණයින් දෙදෙනෙක් මාට්ටු

පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ පුද්ගලයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සැකකරුවන් දෙදෙනාව තලංගම පොලීසිය වෙත භාර දී තිබේ.

29 වනදා සවස් කාලයේ දී පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට පාර්ලිමේන්තු පිට්ටනියේ රණවිරු ස්මාරකය අසලින් අනවසරයෙන් ඇතුළු වී සැකකරුවන් විසින් පාර්ලිමේන්තුව වීඩියෝ ගතකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 31ත් අතර පසුවන යාපනය හා කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් ඊයේ (30)දින කඩුවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.

colombotoday

ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවේ- අගමැති මහින්ද

colombotoday

මහරගම බෝ ගහේ අත්තක් කඩා වැටේ

Admin

මහා සංඝරත්නයට අපහාස කල තවුහිඩ් ජමාත් රාසික් පොලිසියට

colombotoday

ජනපති-අගමැති කඹ ඇදිල්ලෙන් ආර්ථිකය හතරගාතෙන් වැටේ.. රුපියල ඉතිහාසයේ දරුණුම කඩා වැටීම වාර්තා කරයි

colombotoday

කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති ඝාතනය කළේ කටේ පාන්කඩ ඔබලා.. ඝාතනයේ සුල මුල හෙළි වෙයි.

colombotoday