Colombo Today Local News

උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.

උඩරට දුම්රිය මාර්ගයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන ඇති බවත්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවති.

හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ස්තැඩන් වත්ත ප්‍රදේශයෙන් (23) දින පස්වරු 3 ට පමණ හටගෙන ඇති මෙම ගින්න උඩරට දුම්රිය මාර්ගයේ 106 ½ සැතපුම් කණුව අසලටම පැතිර ගොස් තිබුණි.

ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවට හැටන් පොලිසිය සැකකරයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් ඒ පිලිබදව ළගම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස හැටන් පොලිස් කොට්ඨාශභාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

නැදුන්ගමුවේ රාජාගේ දේහය සංරක්ෂණ කටයුතු නවතී

colombotoday

පිටකොටුවේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට

colombotoday

මුලතිව් ධීවරයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

ගුවන්තොටුපොළ සේවකයන්ගේ බෝනස් එකටත් තට්ටු වෙන හැඩ. ගෙවන්න ආණ්ඩුවේ සල්ලි නැතිලු

colombotoday

14 හැවිරිදි ළමයකු පැදවූ රිය ගුරුවරයා යට කර පලා ගිහින්

colombotoday

විශ්වාසභංගයෙන් පසු පාර්ලිමේන්තුවේදී තිලංග-නවීන් ගැටෙයි

colombotoday