Colombo Today Local News

නැදුන්ගමුවේ රාජාගේ දේහය සංරක්ෂණ කටයුතු නවතී

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නැදුන්ගමුවේ රාජා හස්තියාගේ දේහය සංරක්ෂණ කටයුතු ඇනහිට ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සිරුර සංරක්ෂණය කරන ස්ථානය පිළිබඳ අවසන් තීරණයකට නොපැමිණීම හේතුවෙන් මෙසේ සංරක්ෂණ කටයුතු ඇනහිට ඇතැයි සදහන් වේ.

දළදා කරඬුව වැඩමවූ හස්තිරාජයා වන නැදුන්ගමුවේ රාජා 69 වන වියේදී මියගියේ ඉකුත් මාර්තු 7 වන දා ය. රාජාගේ දේහය සංරක්ෂණය කොට සකස් කිරීමට කෞතුකාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කළ අතර එයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබිණි.

ඒ අනුව, කෞතුකාගාර නිලධාරීන් හස්තියාගේ සම ඉවත්කොට සංරක්ෂණය කොට ඇතත් එම නිර්මාණය තැන්පත් කරන ස්ථානය ගැන මේ වනතුරුත් තීරණයකට එළැඹීමට නොහැකි වීමෙන් ඉදිරියේ ගැටලු ඇති විය හැකි යැයි පැවසේ.

විශේෂයෙන් දැනට සංරක්ෂණය කර ඇති සම කල්යත්ම සකස් කිරීමේදී නිශ්චිත ප්‍රමාණයට ඇදිය නොහැකි වන බැවින් එම නිර්මාණය සකස් කිරීම ඉක්මනින් ඇරඹිය යුතු යැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට එය ඉදිකිරීම සඳහා ස්ථාන දෙකක් ගැන යෝජනා පැමිණ ඇති නමුත් එක් ස්ථානයක් නිශ්චය කරගෙන නැති බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.

Related posts

මහින්දානන්දට විරුද්ධව නඩු කියන්න අල්ලස් කොමිසම සූදානමින්

colombotoday

ගොවීන්ට පතරොම් තුවක්කු ලබා දීමට පියවර

Admin

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ISIS බාර ගනී…

colombotoday

බස් වර්ජන අඛණ්ඩව – දුම්රිය වර්ජනය අතහරියි

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

රණවිරුවන් 24ක් මරා පුළුස්සලා.. නිදහස් ඉල්ලන කොටි සිකරුවන් 3දෙනෙකුගේ කෙරුවාව හෙළිවෙයි

colombotoday