Colombo Today Local News

යතුරුපැදියක් බසයක ගැටී 16 හැවිරිදි සිසුවියක් මරුට

ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයේ ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී 16 සිසුවියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

මාවතගම පොලිස් වසමේ 09 කණුව හතරලියැද්ද කැඹිලිතිගොඩ පුරාණ විහාරය ඉදිරිපිටදී ඊයේ (02) සවස මෙම අනතුර සිදුව තිබේ.

එම අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ ඇයගේ දියණිය වන පසුපැදිකාරීය මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 16 හැවිරිදි දියණියව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කහපත්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Related posts

ලෝක බැංකුවේ සහයෙන් සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර

colombotoday

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin

ජනපතිට කෝටි 60ක සැප කාර් දෙකක් ගෙන්වයි.. බදු සහන දෙන්නැයි රේගුවට දන්වයි

colombotoday

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

Admin

භාරත ඝාතන නඩුව තීන්දුයි.. දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඩුවම

colombotoday

“අනුරාගිනී“ ට කාදිනල් එරෙහි වේ.. තහනම් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි !

colombotoday