Colombo Today Local News

ජනපතිට කෝටි 60ක සැප කාර් දෙකක් ගෙන්වයි.. බදු සහන දෙන්නැයි රේගුවට දන්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ භාවිතාව සදහා රුපියල් කෝටි 60කට (574,270,099) ආසන්න වටිනාකමකින් යුත් මර්සිඩීස් බෙන්ස් S600 (Customized Limited Edition) වර්ගයේ කාර් රථ දෙකක් ගෙනවා තිබෙන බව ජවිපෙ හිතවාදී වෙබ් අඩවියක් විසින් හෙළිදරව් කර තිබේ.

මේ වනවිට වරායේ තිබෙන මෙම කාර් දෙක සඳහා බදු සහන ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් රේගුව වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබෙන බවද එම වෙබ් අඩවිය පවසි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් භාවිතා කරන ලද වෙඩි නොවදින බෙන්ස් කාර් රථ 3ක්ද සහ තවත් වෙඩි නොවදින වාහන ගණනාවක් සහිතව දැවැන්ත වාහන ප්‍රමාණයක් හිමි ජනාධිපතිවරයාගේ වාහන සංචිතයට පසුගිය වසරේද අධික මිල කාර් රථයක් ගෙන්වා තිබෙන බවත්, එය ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ භාවිතා කරන බවත් එම වෙබ් අඩවිය පවසයි.

01

Related posts

ලොව බලගතුම පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික මහචාර්යවරිය

colombotoday

උතරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්.. “ශ්‍රී ලංකා මාතා“ මින් පසු නොගැයේ !

colombotoday

‘රැට්ටා’ සහ තවත් සැකකරුවෙකුට විදෙස්ගතවීම තහනම්

colombotoday

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin

ත්‍රී.මලේ කොටසක් ඉන්දියාවට.. ඉන්දීය අවසර නැතිව ඇතුල්වීම තහනම් වේ

colombotoday

කළුතර සිසුවියගේ මරණයට අදාල ප්‍රධාන සැකකරු අල්ලයි

Admin