Colombo Today Local News

අගමැති වෙනුවෙන් භික්ෂුන් වහන්සේනමක් ගෝල්ෆේස් එකේ සියදිවි නසාගන්න යයි (VIDEO)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හොරෙක් යැයි ඔප්පුකළහොත් තමන් වහන්සේ ගොල්ෆේස් එකට ගොස් බෙල්ල කපාගෙන මිය යෑමට සූදානම් බව අඹන්වෙල ඥාණාලෝක හිමි පවසයි.

ජාතික විද්වත් සංසදය නමැති යහපාලන හිතවාදී පිරිසක් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක වන එහිමියන් ඒ බව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා රැකගැනීමට මහා සංඝරත්නය ඇතුලු විද්වතුන් එක්වී සිටින බවත් එය ගෞරවයක් බවත් එහිමියන් කියා සිටියේය.

මාධ්‍ය හමුව අමතමින් එහි උප සභාපති මාළඹේ සීලරතන හිමියන් කියා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක් බවත්, හොරකම් නොකරන ජනාධිපතිවරයා සමග හොරකම් නොකරන අගමැතිවරයෙකුත් එක්වී සිටින බවත්, දෙදෙනා ගහට පොත්ත මෙන් එකට එක්වී යහපාලන ආණ්ඩුව කරගෙන යා යුතු බවත්ය.

[fbvideo link=”https://www.facebook.com/rupavahinisinhalanews/videos/2071851596418579/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin

කුලියට දුන් වාහන ව්‍යාජ ලේඛන යොදා විකුණූ සුදුහුම්පොළ ෆායිස් කොටු.

colombotoday

පාදාගොඩ ආමි ශිවා අත්අඩංගුවට

colombotoday

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

උදෑසන 6 සිට ඇඳිරි නිතිය ඉවතට

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට

colombotoday