Colombo Today Local News

රවී හොරෙක් නොවුණට යාළුවන්ට උදව් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන බව දැනගන හිටියා – ජනපති මෛත්‍රී

රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබා නොදී වෙනත් අමාත්‍ය ධුරයක් ලබා දුන්නේ නම් ඔහු අදටත් කැබිනට් මණ්ඩලයේ සිටින බවත් රවී හොරෙක් නොවුණට යාළුවන්ට උදව් කරන්න ගිහින් රවී අමාරුවෙ වැටෙන බවදැනගෙන සිටි බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුරදී ය. රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස තමන් මුලදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූ බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

“මම ඕනෙ තරම් කිව්වා රවීට මුදල් ඇමතිකම දෙන්න එපා කියලා.රවී මට ගොඩක් උදව් කරපු කෙනෙක්. මම පක්ෂයක් නැතිව ඉන්නකොට මට පක්ෂය දීලා, ඡන්ද ලකුණ දීලා උදව් කළේ රවී. මම රවීට මුදල් ඇමතිකම දෙන්න එපා කිව්වේ රවී හොරෙක් නොවුණට යාළුවන්ට උදව් කරන්න ගිහින් රවී අමාරුවෙ වැටෙන බව දන්න නිසා. එදා මම කියපු දේ අගමැතිතුමා ඇහුවා නම් අදත් රවී කැබිනට් එකේ ඉන්නවා. රවී කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු ම පුද්ගලයෙක්” යනුවෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත.

එසේම ඊයේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී තමන් කළ ප්‍රකාශ පටිගත කිරීමේ යන්ත්‍රයකින් පටිගත කරගෙන තිබේ. “මම කියන දේවල් මේ ගොල්ලෝ එළියට ගිහින් මාධ්‍යයට කියන්නේ කරුණු විකෘති කරලා. ඒනිසා මම කිව්වේ මොකද්ද කියලා පෙන්නන්න මම මේක රෙකෝඩ් කර ගන්නවා” යැයි පවසමින් ජනාධිපතිවරයා තම ප්‍රකාශ පටිගත කරගෙන ඇත.

Related posts

කොරෝනා වෛරසයයෙන් මිය ගියොත් දේහය සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් ආදාහනය කළ යුතුයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

බැදුම්කර මගඩියේ සැකකරුවන් ලෙස තිදෙනෙක් නම් කරයි.. අර්ජුන් මහෙන්ද්‍රන්ට අධිකරණ නියෝගයක්

colombotoday

බැඳුම්කර මගඩියෙන් මහපොළ අරමුදලේ මිලියන 440 කට විදලා…

colombotoday

ඉල්ලා අස්කර ගත් රාජපක්ෂලාගේ නඩු ගැන විමසන්න සජබේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් කොමිසම ට යයි

colombotoday

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

බෝතලේ වොඩ්කා වුණත් අතුලේ තිබුණේ ඇල්වතුර – කඩුපොලු පුතාට ගහන්න ගෙනපුවා

colombotoday