Colombo Today Local News

“අනුරාගිනී“ ට කාදිනල් එරෙහි වේ.. තහනම් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි !

ප්‍රවීන සිනමාවේදී චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන අනුරාගිනී – According to Mathew හෙවත් මැතිව් පිරිස් දේවගැතිවරයාගේ නඩුවට අදාළ සිදුවීම අන්තර්ගත චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශණය කිරීම තහනම් කරන ලෙස අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වෙබ් අඩෙවි කිහිපයක වාර්තා කර තිබේ.

කතෝලික පල්ලියේ කීර්තිනාමයට හානියක් වන අයුරින් මෙම චිත්‍රපටය නිශ්පාදනය කර ඇති නිසා එය තහනම් කරන ලෙස කාදිනල්වරයා ඉල්ලා ඇති බව එම මාධ්‍ය වාර්තා වල සඳහන් වී තිබේ.

මැතිව් පීරිස් නමැති ඇන්ග්ලිකන් පූජකයකු විසින් 1977 පමණ සිය බිරියද පෙම්වතියගේ විවාහක සහකරුවාද ඝාතනය කිරීම නිසා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූ සිදුවීමේ නඩු වාර්තා පදනම් කරගෙන මෙම සිනමා කෘතිය නිර්මාණය කර තිබේ.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටය තහනම් කරන්නැයි ඉල්ලීම නිසා අගරදගුරුවරයා ට ෆේස්බුක් සමාජජාලය තුළ දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලෝකප්‍රසිද්ධ| දක්ෂ සිනමාවේදියෙකු විසින් නිර්මාණය කරනු ලබන කලාකෘතියක් රසවිදීමට ශ්‍රී ලාංකීය ජනතාවට තිබෙන අයිතිය අහෝසි කිරීම සඳහා කතෝලික පල්ලිය විසින් කරනු ලබන ඉල්ලීම කිසිසේත්ම අනුමත කල නොහැකි බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

Related posts

ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත්කළ හැකිද? – නීතිවේදීන්ගේ මතය මෙන්න

colombotoday

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

Admin

“තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන්න” – රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday