Colombo Today Local News

ෆොන්සේකාට ඉහළ තනතුරක්.. විජේදාස පක්ෂයෙන් ඉවතට.. 8 වැනිදා තීරණාත්මකයි !

ඇමති සරත් ෆොන්සේකාට එජාපයේ ඉහල තනතුරක් ලබා දුනහොත් තමන් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලා අස්වන බව ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

කිසිම ඡන්ද පදනමක් නැති ගිය මැතිවණයේදී ඡුන්ද 5000ක් නොගත් ෆොන්සේකා වැන්නෙකු වඩා මනාප 50.000ක් ගත් රෝසි සේනානායක එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට තිබූ බවද ඔහු පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මැයි 08 වැනිදා එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පැවැත්වෙන අතර එහිදී නව තනතුරු කිහිපයක් සදහා නව පත්කිරීම් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයට අලුතෙන් සහකාර නායක තනතුරු තුනක් ඇති කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ඉහතදී තීරණය කර තිබුණද එය කල් දැමීමට සිදු වූයේ එජාපය් ඉහළ නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙනි.

Related posts

දැරියක් මෙහෙකාර සේවයේ තබාගත් රිෂාඩ් සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

colombotoday

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

“අච්චාරු ආණ්ඩු හැදවම මෙහෙම වෙනව“ යහපාලනය හෙල්ලෙන කතා ගොඩක් විජේදාස කියයි !

colombotoday

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday

මහ මොළකරුවන් පෝළිමේ කැදවයි.. මලික් – කබීර් අද.. අගමැතිත් ළගදීම කොමිසම හමුවට !!

colombotoday

කොළඹ වරායේ බටහිර පර්යන්තය පිළිබද කැබිනට් තීන්දුව මෙන්න

colombotoday