Colombo Today Local News

යාපනේ පොලිස් නිලධාරීන් 06 කට දස වසරක සිරදඬුවම්

යාපනය, චුන්නාක්කම් පොලීසියේ නිලධාරීන් හය දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 10 සිරදඬුවමක් නියම කිරීමට යාපනය මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

ඉකුත් 2011 වසරේ නොවැම්බර් මස 21 වැනිදා කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පොලිස් නිලධාරීන් සිදුකළ පහරදීමකින් මියගොස් තිබෙනවා.

ඔහුගේ මළසිරුර සොයාගැණුනේ කිලිනොච්චිය ප‍්‍රදේශයේ වැවක තිබියදීයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව චුන්නාක්කම් පොලිස් ස්ථානයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

නඩු විභාගය අතරතුරදී ඔවුන්ගෙන් දෙදෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ. බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වු පිරිස අතර චුන්නාක්කම් පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාද වනවා.

Related posts

දෛනික කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ පළමු ස්ථානයට

colombotoday

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ සහයට එන්.ජී.ඕ කප්පිත්තෝ පෙරට එති.

colombotoday

අත්අඩංගුවට ගත් රේස් යතුරුපැදි 10ක රස පරීක්ෂක වාර්තා කැඳවයි

colombotoday

DIG නාලක සිල්වා අද අත්අඩංගුවට ?

colombotoday

මුදල් ඇමති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

colombotoday

එජාප කොළඹ බලකොටුව අවධානමේ… රෝසිට ගෙදර යන්න වෙන ලකුණු !

colombotoday