Colombo Today Local News

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

පානම් පත්තුවේ කිලෝමීටර් 10ක පමණ ප්‍රදේශයක වැලි කැණීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉඩ ලබා දී ඇතැයි ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

මෙවැනි දෙයකට ඉඩ දුන්නේ කොහොමද? එලෙස ඉඩ දී ඇත්තේ කාට දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරිය මේ වන විට වෙරළ ඛාදනය රටට විශාල ප්‍රශ්නයක් වී ඇති අතර ඔලුවිල් ප්‍රදේශයේ මීටර් තුන්සීයක්, හාරසීයක් පමණ ගොඩබිම මුහුදට සේදී ගොස් තිබෙන බව සඳහන් කළාය.

හරි පරිසර ඇගැයීමක් නැතිව දන්න කියන කණ්ඩායම් වලට බලපත්‍ර ලබාදී තිබෙන්නේ පරිසරය ගැන තක්සේරුවක් නැතිව බවද මන්ත්‍රිවරිය කීවාය.

පරිසරය සහ මිනිස් මැදිහත්වීම් අතර තුලනාත්මක බවකින් තොරව වර්තමානයේ තීරණ ගනිමින් සිටින්නේ යැයිද මන්ත්‍රීවරිය පැවසුවාය.

පරිසර වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශ වල වැය ශීර්ෂය පිළිබඳ විවාදය අමතමින් අමරසූරිය මෙනවිය මේ බව කීවාය.

Related posts

ඩීසල් සහ ගුවන් යානා තෙල් සහිත නැව දින 4 ක් මුහුදේ

colombotoday

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

colombotoday

“මේ ව්‍යවස්ථාව සම්මත කළොත් රට බෙදන්න තව අඩියයි“ මහින්දගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

බුදුන් වහන්සේට නිගා කළ තව්හිද් ජමාත්ට එරෙහි නඩුව අද කැදවයි

colombotoday

නන්නාදුනන මිනිහෙක් ඩොලර් අරන් එන තුරු රවී මුහුදට දත නියවන්නා

colombotoday

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

Admin