Colombo Today Local News

ඩීසල් සහ ගුවන් යානා තෙල් සහිත නැව දින 4 ක් මුහුදේ

ඩීසල් සහ ගුවන් යානා තෙල් සහිත නෞකාවක් නිදහස් කරගැනීමට නොහැකිව දින හතරක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නතර කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් පවසයි.

එම නෞකාව තුළ ඩීසල් සහ ගුවන් යානා තෙල් මෙටි්‍රක්ටොන් 20,000 බැගින් ඇති බව කී එම නිලධාරියා එම නෞකාව නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 50 කට ආසන්න මුදල ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කරයි.

එම නෞකාවට දිනක ප්‍රමාද ගාස්තුව ලෙස ඩොලර් 19,000 ක් ගෙවිය යුතු බවත් ඩොලර් ප්‍රමාදය නිසා තව දුරටත් රඳවාගැනීමෙන් ප්‍රමාද ගාස්තුව විශාල මුදල් බවට පත්වන බවත් එම නිලධාරියා කියයි.

Related posts

ගීතාගේ පුටුවේ වාඩිවූ පියසේන රාජ්‍ය ඇමතිකමකට වැඩි යමක් ඉල්ලයි !!

colombotoday

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

මෙරට කතුන්ට ජපානයේ රැකියා අවස්ථා

colombotoday

තව්හීද් ජමාත් නමින් පෙනී සිටින සියල්ලන් IS ට සහය දක්වන අන්තවාදීන් – මුස්ලිම් සංවිධානයක් හෙළිකරයි

colombotoday

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday

“මහින්දව නොමග යැව්වේ ඔහු වටේ සිටි අයයි“ දිගු නිහැඩියාවකින් පසු ශිරන්තිගෙන් ආන්දෝලනාත්මක කතා ගණනාවක්

colombotoday