Uncategorized

බැසිල්ට යළිත් නොතීසි

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන මැයි මස 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසියක් මගින් දැනුම් දෙන ලෙසට පෙත්සම්කරුවන්ට අද (16)දින යළිත් නියෝග කළේය.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, බරපතල වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සහ සුරාජ් වල්ගම යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිනේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නිතිපතිවරයා ය.

මුදල් අමාත්‍යවරයා ඇමරිකානු පුරවැසියෙක් වන අතර, වෙනත් රටක පුරවැසියෙකුට මෙරට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නොහැකි බවත්, එය ව්‍යවස්ථාව උල්ලංඝණය විමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංගණය වීමක් බව ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉදිරිපත් කර ඇත.

Related posts

ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක් මෙවර ඉලක්කය වෝකි ටෝකි

Admin

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

යුධ හමුදාව සතු ඉඩම් නිදහස් කරන්න ඉල්ලා සෙට්ටිකුලමේ විරෝධතා…

colombotoday

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදී

colombotoday

නීති විරෝධී පෝස්ටර් ඉවත්කරන්න කම්කරුවන් 1500ක් බඳවා ගැනේ

Admin

ඊශ්‍රාලය විසින් දකුණු ලෙබනනය වටලයි

Admin