Colombo Today Local News

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

පන්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පොත් අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පුද්ගලයකු විසින් කඩුවක් වැනි තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් එම අලෙවිසැලෙහි හිමිකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

අදාල පොත් අලෙවිසැලෙහි හිමිකරු එම ස්ථානයේ සිටින විට එක්වරම පැමිණි නාදුනන පුද්ගලයා සගවා ගෙන සිටි කඩුවක් වැනි තියුණු ආයුධයක් එළියට ගෙන වෙළඳසැල් එහි හිමිකරුට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය බේරීමට පැමිණි අසල්වැසි පුද්ගලයෙකුට ද සැකකාර නාදුනන පුද්ගලයා විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඇතැයිද හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

අදාළ සිද්ධිය සමථයට පැමිණි අසල්වැසි පුද්ගලයාට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරය හේතුවෙම් ඔහුගේ ගෙලට දැඩි ලෙස හානි වී ඇතැයි ද වෙළඳසැලේ හිමිකරුද කැපුම් තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

Related posts

වියළි ගංජා කිලෝ 8ක් සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්.

colombotoday

‘බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත්වීමෙන් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් නෑ’ – මහබැංකු අධිපති

colombotoday

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

colombotoday

ලංවිම වැඩ වර්ජනය තාවකාලිකව නවතී | ගල් අඟුරු බලාගාර සියල්ල සක්‍රීයයි

colombotoday