Colombo Today Local News

බුදුන් වහන්සේට නිගා කළ තව්හිද් ජමාත්ට එරෙහි නඩුව අද කැදවයි

බුදුන් වහන්සේට සහ තෙරුවණට අපහාස කරමින් රට තුළ ආගමික ගැටුමක් ඇති කිරීමට උත්සහා දැරීමේ චෝදනාව මත තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්දීන් නමැති අයට එරෙහිව පවරා තිබෙන නඩුව අද (11) පෙරවරු 9ට කොළඹ ප්‍රධාන අධිකරණයේ ශාල අංක 1 දී විභාගයට ගැනීමට නියමිතය.

තව්හිද් ජමාත් සංවිධානය විසින් නිකුත් කළ සී.ඩී. පටයකින් බුදුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට හිතා මතා අපහාසයක් සිදුකර ඇති බවත්, එමගින් ආගමික සහජීවනයට බාධාවක් ඇතිකර තිබෙන බවත් සදහන් කරමින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි

ඉදිරි නිතියමය කටයුතු සදහා නිර්දේශ ලබා ගැනීම සදහා අදාළ වාර්තාව සහ නඩුවේ විමර්ශන ගොනු නීතිපතිවරයාට යොමු කර ඇතත් මේ වන තෙක් නීතිපතිවරයාගේ නිර්දේශ ලැබී නැහැ.

Related posts

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday

“දකුණට සිග්නල් දමා වමට හැරවීම මට සුළු දෙයක්“ – ජනපති ශ්‍රීලනිප ආණ්ඩුවකට අත වනයි !

colombotoday

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

colombotoday

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කල ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැන්නැයි රජයට උපදෙස්

colombotoday

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

colombotoday

අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් Kwidයක් ගන්න ඉන්නවනම් දෙපාරක් සිතා බලන්න !

colombotoday