Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

‘පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ යුක්තිය’ මෙහෙයුමෙන් ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් රුපියල් කෝටි 10කට ආසන්න දේපළ භාරයට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙරට ප්‍රධාන සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන කුඩු අසංක, ලඩියා සහ කුඩු ශ්‍රියානි යන පුද්ගලයන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් සහ දේපල රැසක් නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගත් බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.

භාරයට ගත් දේපල අතර බස් රථ 3 ක්, කාර් රථ 2 ක්, යතුරුපැදි 2 ක් තෙමහල් නිවසක් ඇතුළු ඉඩම් 4 ක් සහ රත්තරන් පවුම් 50 ක් සහ මුදල් 123000 ක් වන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කඩුවකින් පහර දී අවුරුදු 3ක දරුවෙක් යාබද නිවසේ මාරයා බිලි ගනී

Admin

“දඩ බිමක්ව තිබෙන රට නැවතත් වැඩබිමක් කරමු” – මහින්ද රාජපක්ෂ

colombotoday

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

මහඇමති විදුහල්පතිනිය දණගැස්සුවාමදැයි හොයන්න සර්වපාක්ෂික කමිටුවක් පත්කෙරේ

colombotoday