Colombo Today Local News

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධා රතන හිමියන් ව ඊයේ (28)දින රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උන් වහන්සේව අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයන්ට අදාළව රාජාංගනයේ සද්ධා රතන හිමියන්ව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

උන්වහන්සේව අද (29)දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

colombotoday

ජනපති නියෝගය නිකුත් වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යාලය 15 සිට ක්‍රියාත්මකයි !

colombotoday

කාන්තා නේවාසිකාගාරයකට රිංගන්න ගිය අයෙක් ගොඩනැගිල්ලෙන් වැටි මරුට

colombotoday

ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක්

colombotoday

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

Admin