Colombo Today Local News

ෆේස්බුක් පාලනයට නීති ගේනවා.. එංගලන්තයේත් තද නීති දමා ඇති නිසා ෆේස්බුක්වලින් වෛරය පතුරන්න බෑ

සමාජය තුළ වෛරය, ජාතිවාදය, වර්ගවාදය පතුරවන, මෙන් ම ගැටුම් ඇති කරන අයගේ ක්‍රියා වැළැක්විය හැකි ආකාරයේ නීති ගෙන ඒම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඊට අදාළ නීති පද්ධතියක් ගෙන ඒම සම්බන්ධයෙන් මේ වන විට නීතිය හා සාමය අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්ව සාකච්ඡා කරමින් සිටින බව ද ඒ මහතා පැවැසීය.
කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඊයේ (14) පැවැති උත්සවයක් අමතමින් අගමැතිවරයා මේ කරුණු අනාවරණය කරන ලදී.

ඕනෑම පුද්ගලයෙකුට තව කෙනෙකුගේ ප්‍රතිපත්ති විවේචනය කිරීමේ හැකියාව තිබුණ ද, කෙනෙකුට තවත් කෙනෙකු මරා දමන්න යැයි පවසමින් වෛරී භාෂාව පැතිරවීමට කිසිදු අවස්ථාවක් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එංගලන්තය වැනි රටවල ද එවැනි වෛරී අදහස් පැතිරවීම වැළැක්වීම සඳහා නීති පවතින බැවින්, එවැනි රටවල ජාතික හෝ ආගමික වශයෙන් වෛරය පතුරුවන්නට හැකියාවක් ලැබි නැතැයි ද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත

Related posts

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

colombotoday

කැබිනට් මණ්ඩලය 35කට ඉහළ නැංවීමට එජාපයෙන් යෝජනා

colombotoday

අද සිට සුරාසැල් විවෘත කෙරේ

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

“කොළඹ අභිමානය” නමින් සමලිංගික සැණකෙළියක් – එජාප තරුණ බලමණ්ඩලයත් හවුල්

colombotoday

නව අගමැති ලේකම් සමන් ඒකනායක

colombotoday