World

ඊශ්‍රායල ප්‍රහාර වලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

ඔක්තෝබර් 7වන දින සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

දින හතක සටන් විරාමය හැර ගැටුම ආරම්භයේ සිට දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ගාසාවේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රාදේශීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ රිචඩ් බ්‍රෙනන් පවසන්නේ, මෙම දත්ත සංඛ්‍යා විශ්වාස කළ හැකි බවයි.

ඕනෑම යුද කලාපයක මිය ගිය අය ගණන් කිරීම අභියෝගයක් වන අතර ගාසා තීරයේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට වළලනු ලැබූ හෝ රෝහල් වෙත ගෙන නොගිය සිරුරු එයට ඇතුළත් නොවන බැවින් මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව එරට වෛද්‍යවරු පවසයි.

Related posts

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

ගුටි කෑ උද්ඝෝෂකයන් කුපිතවෙයි. ඉන්දියාෙව් මන්ත්‍රී නිවාස ගිනි තියලා

colombotoday

ශල්‍යකර්මවලදී භාවිත කරන්න වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක්

Admin

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

බූස්ටර් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

හරක් හොරකමේ ගිය මුස්ලිම් දෙදෙනෙක් පොලුවලි පහර දී මරා දමයි

colombotoday