Colombo Today Local News

“දඩ බිමක්ව තිබෙන රට නැවතත් වැඩබිමක් කරමු” – මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ අනාගතයේ බිහිවෙන අපගේ රජයේ ඒකායන අරමුණ වන්නේ ජනතාවට යුක්තිය ඉටු කිරීම බවත්, පළිගැනීම් පසෙකලා, සැබෑ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරිම හරහා දඩබිමක්ව තිබෙන රට නැවත වැඩබිමක් කළ හැකි බවට තමා විශ්වාස කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි

ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේ ඊයේ (06) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති ”යුක්තියට හඩක්” සංවිධානයේ පළමු සම්මේලනය අමතමිනි.

සැමට යුක්තිය ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් පෙනී සිටීම සදහා මෙවන් සංවිධානයක් බිහිවීම අගය කරන බව විපක්ෂනායකවරයා මෙහි දී පැවසීය.

අසාධාරණ ලෙස යහපාලන රජයේ පළිගැනීම්වලට ලක්වූ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීම සදහා වූ යුක්තියේ සම්මුතිය සදහා මහජන අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයද අද ඇරඹි අතර ඒ සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පළමුව අත්සන් තැබීය.

වැඩබිමක්ව තිබුණු රට යහපාලන ආණ්ඩුව දඩබිමක් බවට පත්කළ බවත් රාජපක්ෂ පවුලට සම්බන්ධ අයටත්, රාජපක්ෂ පවුලේ මිත්‍රයින්ටත්, රජයේ සේවකයින්ටත්, උදව් කළ ව්‍යාපාරිකයින්ටත් ඒ දඩයමේ ගොදුරු බවට පත්වන්නට සිදුවූ බවද එහිදි විපක්ෂ නායකවරයා අවධාරණය කලේය.

මෙම අවස්ථාව සදහා හිටපු කතානායක චමල් රාජපපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා, සහ දේශපාලන පළිගැනිම්වලට ලක්වූවන් ඇතුලූ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Related posts

අගමැතිගෙන් විමල්ට පොරොන්දුවක්

colombotoday

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

colombotoday

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් හදිසි මරණ පරීක්ෂකවරයෙක් බඳවා ගනු. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් නියෝග

colombotoday

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව 31දා ජනපති අතට.. හවුල් ආණ්ඩුවත් 31 අවසන් !

colombotoday

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ ප්‍රතිඵල රහිත වනු ඇතැයි සැකයි – මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසයි.

colombotoday

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin