Colombo Today Local News

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ අනු කමිටුව අද පළමු වරට රැස්වේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව අද (22)දින පළමු වරට රැස්වීමට නියමිතය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වෙනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා මෙම කැබිනට් අනු කමිටුව පත්කරනු ලැබීය.

චමල් රාජපක්ෂ මහතාට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

අද(22) දිනයේ කමිටුව රැස්වී අදාළ වාර්තාව පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

සජිත් ඇතුළු එජාප මන්ත්‍රීවරු කොළඹ අපරාධ කොට්ඨාශයට

colombotoday

අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Admin

වරපලාන විහාරස්ථානයක හිමි නමකට ප්‍රහාරයක් – තුවාල ලබා රෝහල් ගත කරේ

colombotoday

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් ඉහළට

colombotoday

Video: මීගමුවේ සංචාරක හෝටලය “බුද්ධ බාර්” අකුලාගනී – බොදු බල සේනාව සීරුවෙන්

colombotoday

මීගොඩ දී ඇල්ලූ මත්කුඩු ජාවාරම්කරු

colombotoday