Colombo Today Local News

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය : තවත් සැකකරුවෙකු CID අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්යාල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 30 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය මැයි 9 වැනිදා නිට්ටඹුව නගරයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

Related posts

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කියයි

colombotoday

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

colombotoday

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයෝ වැඩ වර්ජනයක්

Admin

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday

රථ වාහන සදහා ජනවාරියේ සිටි තවත් බද්දක්…

colombotoday