Colombo Today Local News

ධම්මික පෙරේරා 21 දිවුරුම් දෙයි

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා ඇත.

ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර ඇති බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව ද ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස මෙම මස 21 වන දා පාර්ලිමේන්තුව රැස්වූ පසු කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 9 වන බ්‍රහස්පතින්දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නව අමාත්‍යංශ දෙකක් ප්‍රකාශයට පත් කළ අතර ඉන් එක් අමාත්‍යංශයක් වන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය භාර ඇමතිවරයා ලෙස ධම්මික පෙරේරා මහතා දිවුරුම් දීමට නියමිතව ඇති බව මීට පෙර වාර්තා විය.

අනෙක් නව අමාත්‍යංශය වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදීමට යන බව ද පැවසේ.

මේ අතර, ධම්මික පෙරේරා මහතා තමන් තනතුරු දැරූ සියලු ම ව්‍යාපාරවල එම තනතුරුවලින් ඉවත් වී ඇත.

Related posts

නීතිය නොතැකේ… “Colombo pride“ සමරිසි සැණකෙළිය මෙවරත් කොළඹදී !

colombotoday

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin

අල්ලන කුඩු කෝ..

Admin

ජන සටන අද උතුවන්කන්දෙන් ඇරඹෙයි

colombotoday

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

colombotoday

නිවාස අමාත්‍යාංශය අද වනවිට හයකට කඩලා.. මට දී තිබෙන්නේ එයින් එක කෑල්ලක් පමණයි – සජිත්

colombotoday