Colombo Today Local News

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

කිලිනොච්චිය,පරන්තන්, උමයාල්පුරම් හි අබිලි යකඩ කොටස් කිරීමේදී පිපිරීමක් සිදුවූ නිවස (07) දිනසිදුකළ සෝදිසියකදී පුපුරානොගිය මෝටාර් උණ්ඩ 40 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබීය.

කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාල නිවස රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාකළ අතර එහිදී මෙම පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගය හමුවී තිබේ.

මෝටාර් උණ්ඩවලට අමතරව හදුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක්ද හමුවූ බව පොලිසිය පැවසීය.

පසුගිය 05 වැනිදා එම නිවසේ අබිලි යකඩ සඳහා මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් කොටස් කරමින් සිටියදී එය පිපිරී 25 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර 13 හැවිරිදි දරුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අදාල නිවස සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය පවසා සිටියේ හමුවූ සියලු මෝටාර් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය අධික ලෙස දිරාපත්ව දැඩි අවධානම් මට්ටමක පැවති බවයි.

මියගිය තරුණයා ජීවිත අවදානම නොතකා මෝටාර් උණ්ඩ කැබලිකිරීමට උත්සහ ගෙන ඇති බවත් එහිදී පුපුරාගොස් ඇති බවද පොලිසිය පැවසීය.

හමුවු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.

Related posts

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

colombotoday

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ කිහිපයක් වසයි

colombotoday

ගම්පහ සියලු අවමංගල්‍ය කටයුතු පැය 24කදී අවසන් කළ යුතුයි

colombotoday

මැණික් ගලක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14ක් කොල්ලකෑ කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

රජයේ නිලධාරිනියන්ට සාරිය අනිවාර්යයි

colombotoday