Colombo Today Local News

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති ලලිත් ධර්මසේන මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය වු බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපි තීන්දු කරලා තියෙනවා මේ වෙලාවේ පළමු කිලෝමීටරයට රු 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රු 45 දක්වා යන්න. මේකට හේතුව තමයි මේ වැඩිවෙලා තියෙන බඩු භාණ්ඩ සියලුම දේවල් වැඩිවෙලා තියෙද්දි අපේ අය ජීවත් වෙන්න ඕනේ මේ ත්‍රීවිල් රස්සාව කරලා. මේ වෙද්දි කම්පැනිවලින් මගියාව සුරාකමින් තියෙනවා. ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධයෙන් අපි අවුරුදු 20ක් පමණ ඉඳලා කතා කරනවා ගාස්තු සමාලෝචන කමිටුවක්. නියාමනය ඇතුළේ මේ දේ කරලා දෙන්න කිව්වහම තව තවත් කල්ඇරීමෙන් මේක අයාලේ යනවා. අපි කියනවා මේ වෙලාවේ ගාස්තු සමාලෝචන කමිටුව තුළින් වෘත්තීය රියදුරා හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් අපි බලාපොරොත්තු වෙනවා.”

Related posts

2030 දී සමස්ථ විදුලි ඉල්ලුමෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන්

colombotoday

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

නව ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තාව 21 දා පාර්ලිමේන්තුවට !

colombotoday

ගුවන්තොටේ බෝම්බ තොරතුරක්,සැකකරුවන් අත්අඩංගුවට

Admin

නැවෙන් වෙරළට ආ බඩු ගත් අත් වණ වෙයි | ඉදිරියේදී සිතා ගන්නට නොහැකි පසු විපාක මතු වීමේ අවදානමක්

colombotoday

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday