Colombo Today Local News

නිවාස මංකොල්ලකෑ හයක් අත්අඩංගුවට

මුලතිව්,පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නිවාස මංකොල්ලකෑම් සිදුකළ කණ්ඩායමක සාමාජිකයින් හය දෙනෙකු ඊයේ (21) පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවාසවල භාණ්ඩ සොරාගැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයක දී අදාළ කණ්ඩායම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් සතුව තිබී කඩුවක් හා සොරාගන්නා ලද රන් භාණ්ඩවලින් කොටසක් ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් පුදුකුඩිරිඉරිප්පු,කොම්බාවිල්,දේවිපුරම් හා විශ්වමඩු ප්‍රදේශයන්හි නිවාස රැසක් මංකොල්ල කා මෙලෙස රන් භාණ්ඩ හා තවත් භාණ්ඩ රැසක් කොල්ලකා ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලංකාවිල් හා සෙල්වපුරම් ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

Related posts

එන්නත් රැගත් යානය කටුනායකට

colombotoday

රූමිට මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කරලා.. බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි.

colombotoday

“පන්සල, පාසල දියුණු වුණත් සංස්කෘතිය, හැදියාව පිරිහිලා” – සංස්කෘතික නියෝජ්‍ය ඇමති

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව සූකාගෙන් UN වෙත පච වාර්තාවක්.. යුද අපරාද චෝදන එල්ල කරයි !

colombotoday

චන්ද්‍රිකාගේ කතාවට මෛත්‍රීට තරහ යයි.. මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකා-මෛත්‍රී එළිපිට ඇවිළෙයි

colombotoday

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

colombotoday