Colombo Today Local News

චන්ද්‍රිකාගේ කතාවට මෛත්‍රීට තරහ යයි.. මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකා-මෛත්‍රී එළිපිට ඇවිළෙයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා තමා තනි කරන්නේවත් ඔවුන් විසි කරන්නේවත් නැතැයි පෙරේදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෘජු ප්‍රකාශයක් කොට තිබේ.

මේ පිරිස විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමෙන් පසුව ඇති වූ තත්ත්වයන් පිළිබඳව හා ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටීම ගැන ජනාධිපතිවරයා ශ්‍රී ලනිප මහ ලේකම්වරයාටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාටත් දැඩි දෝෂදර්ශනයක් එල්ල කොට තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිවන්තව ගොඩනඟමින් ඉදිරියට ගෙන යෑම සඳහා පක්ෂයේ සභාපති තනතුර ඕනෑම අවස්ථාවක භාරදීමට තමා සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිවරයා මේ සඳහන කර තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා එම තනතුරුවලින් මෙන්ම යහපාලන ආණ්ඩුවෙන්ද ඉවත්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවටත්, යහපාලන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතු බවටත් කළ ප්‍රකාශ හමුවේදීය.

මධ්‍යම කාරක සභාවට සහභාගි වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කළ ප්‍රකාශයකට පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා කේන්ති ගත් ස්වරූපයකින් ඇයට පිළිතුරක් දී ඇත. චන්ද්‍රිකා පවසා තිබෙන්නේ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට සියලු දෙනාම එකතුවී යාන්ත්‍රණය ඇති කළ බවත් ජනාධිපතිවරයා දිනුවේ එම යාන්ත්‍රණය තුළින් ක්‍රියාත්මක කළ වැඩසටහන හේතුවෙන් එදා පැවැති පරිසරය නිසා බවත් ඒ අවස්ථාවේ ජනාධිපතිවරණයට කවුරුන් ඉදිරිපත් කළත් ජයග්‍රහණය කරන බවත්ය. ඇය මේ ප්‍රකාශය කිරීමෙන් පසු මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පිටව ගොස් තිබේ.

චන්ද්‍රිකාගේ එම ප්‍රකාශයෙන් තරමක සිත් පෑරවීමකට පත් ජනාධිපතිවරයා ඇයට පිළිතුරු දෙමින් කියා තිබෙන්නේ “මේ අවස්ථාවේ චන්ද්‍රිකා මැතිනිය සභාවේ හිටියා නම් හො¼දා. නමුත් එතුමිය කළ ඒ ප්‍රකාශය මම පිළිගන්නේ නෑ. මම ජීවිතය පරදුවට තියලයි ජනාධිපතිවරණයට අත ගැහුවේ. ඔය කියන ව්‍යාපෘතිවලට ඡන්දය දුන්නේ නෑ. එහෙනම් ඒ යාන්ත්‍රණය නැත්නම් ව්‍යාපාරය යටතේ යූඑන්පී කෙනකු දාගන්න තිබුණානේ”යි ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 40 දෙනා එකට ඉන්න ඕනෑ. එක තීන්දුවකට වැඩ කරන්න ඕනෑයි මෙහිදී පවසා ඇති ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභා රැස්වීම කල් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ යූඑන්පීයට බුද්ධිය පහළ වෙන්නට බුද්ධිමත්ව කල්පනා කරන්න දින දෙකක් කල් දෙන බව කියමිනි.

– Mawbima

Related posts

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 දා සලකා බලයි

colombotoday

ප්‍රභාකරන් එදා ඉල්ලූ දෙයම ඉල්ලන විග්නේෂ්වරන්ගේ “එලුග තමිල්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය

colombotoday

දරුණු පරාජයෙන් ක්‍රිකට් ලෝලීන් කිපෙයි.. ඉතිහාසයේ මුල් වරට ක්‍රිකට් පිලට එරෙහිව විරෝධතා (Video)

colombotoday

දූෂණ වංචා චෝදනා ලැබූ සජින්ට ඇමැති ආරක්ෂාව දුන්නේ කොහොමද? පුදුමයි? – නීතීඥ සංගමය

colombotoday

ගම්මන්පිල කළු කොඩි ඔසවයි

colombotoday

යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් !

colombotoday