Colombo Today Local News

මැයි පළමු වන දා නිවාඩු අවලංගුයි

ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි මස පළමු වන දා ලබා දී තිබූ නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා ප්‍රකාශ කළේ, මැයි දිනය මැයි මස 7 වන දා සැමරීම හේතුවෙන් එම තීරණය ගත් බව ය.

ඒ අනුව මැයි 7 වන දා රජයේ සහ වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මෙවර කම්කරු දින සැමරුම් උළෙල මැයි 7 වන දා පැවැත්වීමට රජය තීරණය කළේ, වෙසක් සතිය හේතුවෙන් එය කල් දමන්නැයි මහා සංඝරත්නය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් රජය ගෙන ඇති මෙම තීරණයට වෘත්තීය සමිති නියෝජිතයෝ දැඩි විරෝධය පළ කරති

Related posts

දඹුල්ලේ එළවළු මිල පාලන මිලටත් අඩුයි.

colombotoday

තියුණු ආයුධ සමඟ කොල්ලකෑමට ගිය කල්ලියක් අල්ලයි

Admin

ජනපති අවසන් වරට ජාතිය අමතන්න සූදානම්… වැඩි කැමැත්ත ගෝඨාභයටයි, අවසන් මොහොතේ සජිත් හමුවෙයි !

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් 118 ගේ නම් ජනාධිපති ලේකම් සඟවනවා – දයාසිරිගෙන් චෝදනා

colombotoday

මහාචාර්ය ගුණපාල නානායක්කාර ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙක් ඉවතට

colombotoday

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

colombotoday