Colombo Today Local News

පේදුරුතුඩුවේ මිනිසෙක් නූලක එල්ලී උඩ යයි

යාපනය – පේදුරුතුඩුව පුලෝලි ප්‍රදේශයේ පුද්ගලයෙකු සරුංගලයක් සමග අඩි 40 ක් පමණ ඉහළට පා වී ගිය පුවත් වාර්තා වෙයි.

ප්‍රදේශවාසීන් පැවසුවේ විශාල සරුංගලයක් ඉහළට යෑවීමට පිරිසක් උත්සහ කළ අවස්ථාවේ ඒ අතර සිටි එක් අයෙක් අහඹු ලෙස සරුංගලයේ ලණුවේ පැටලී ඉහළට පා වී ගිය බවය.

පසුව සරුංගලය නැවතත් පහතට පැමිණෙන විටදී ඔහු පොළොවේ සිට අඩි 15ක පමණ උසකදී බිමට පැන තිබේ.

එම පුද්ගලයාට සුළුතුවාල සිදුව ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.

Related posts

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin

ගමන් බෑගයේ තිබු සාෆික් ෆාතිමාගේ සිරුර සම්බන්ධයෙන් ඇගේ යෙහෙළිය සහ සැමියා අත්අඩංගුවට

colombotoday

චීන ආරක්ෂක ඇමති හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

colombotoday

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday

හෙටත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday